වැස්ස තවදුරටත්

(කොළඹ, ලංකාපුවත්) – දිවයින ආශ්‍රිත පහළ වාසුගෝලයේ කැළඹිලි ස්වාභාවය තවදුරටත් පවතින අතර මේ හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ පළාත්වල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්‍ෂිතය. කදුකර ප්‍රදේශ ආශ්‍රිතව තද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

විශේෂයෙන්ම බස්නාහිර සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් මි. මී. 100ට ආසන්න තද වැසි ද ඇති වියහැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *