බටපොල වෙඩි තැබීමක් : පියා සහ දරු තිදෙනා ඇතුළු සිව් දෙනෙකුට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – බටපොල ඊරියගහදොල ප්‍රදේහයේ පිට්ටනිය අසලදී ඊයේ(31) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් 05චෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

කාර් රථයකින් පැමිණි පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් තිබුණි. මෙම වෙඩි තැබීමෙන් එකම පවුලේ පියා සහ දරු තිදෙනා තුවාල ලබා ඇත. එසේම කාර් රථය අලුත් වැඩියා කිරීම සදහා පැමිණ සිටි පුද්ගලයෙකු ද තුවාල ලබා තිබේ.

වයස අවුරුදු 45ක් වූ පියා සහ වයස අවුරුදු 03ක සහ වයස අවුරදු 13ක පුතුන් දෙදෙනාත්, වයස අවුරුදු 07ක දියණියත් මෙලෙස තුවාල ලබා ඇත. එසේම කාර් රථය අලුත් වැඩියා කිරීම සදහා පැමිණ සිටි පුද්ගලයා 48වැනි වියෙහි පසුවන්නෙකි.

තුවාල ලැබූ පියා සහ දරු තිදෙනා මේවන විට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා බටපොල රෝහලේ ප්‍රතිකාර ලබයි.

කාර් රතය අලුත්වැඩි කිරීම සදහා පැමිණි පුද්ගලයා ඇරලවීමට යන අවස්ථාවේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ටී 56 ලිනි අවියකින් වෙඩි තබා පළා ගොස් ඇති බවට මූලික විමර්ශන වලින් හෙළිව ඇතැයි බටපොල පොලිසිය පැවසීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන ක්‍රියාත්මක ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *