ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසියි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකාවට සංක්‍රමණය වීම සඳහා අවස්ථාව ලබා දෙන ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි.

පසුගියදා නිව්යෝර්ක් නුවර මෑන්හැටන් ප්‍රදේශයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මීට හේතුව වේ.

එම ප්‍රහාරය එල්ල කළ උස්බෙකිස්තාන ජාතිකයා 2010 වසරේ දී ග්‍රීන් කාඩ් ලොතරැයිය මගින් අමෙරිකාවට සංක්‍රමණය වූවකු බව විදෙස් වාර්තා සදහන් කර තිබේ.

1995 වසරේ දී ආරම්භ වූ ශ්‍රීන් කාඩ් ලොතරැයියට වාර්ෂිකව ලොව පුරා මිලියන 14ක පමණ පිරිසක් අයදුම් කරන බව පැවසේ. එම ලොතරැයිය වෙනුවට කුසලතා මූලික කරගත් නව ක්‍රමවේදයක් හදුන්වා දීමට නියමිත බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *