ඡන්ද විමසුමට තිබූ බාධා ඉවත් වුණා – මැතිවරණ කොමිසම

(කොළඹ, ලංකාපුවත්) – ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් පළාත් පාලන ඡන්දවිමසීම පැවැත්වීමට ප්‍රමාදවීමට හේතු වූ බාධා ඉවත් වී ඇති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරයි.

ඒ අනූව දෙසැම්බර් 11 වැනි දින සිට 20 වැනි දින දක්වා කාල සීමාව තුළ නාම යෝජනා කැඳවීමට නියමිත බව එම කොමිසම දැනුම් දෙයි.

එසේම ඡන්ද විමසීම 2018 වසරේ ජනවාරි 20 වැනිදා සිට 31 වැනි දින දක්වා අතරතුර ඉරිදා දිනයක් හේ රජයේ නිවාඩු දිනයක් නොවන දිනයක දී පැවැත්වෙනු ඇත.

නාමයෝජනා කාලසීමාව සහ ඡන්ද විමසීම පැවැත්වෙන දින නිශ්චිත වශයෙන් නම් කිරීමට ඉදිරි දිනවල දී තීරණය කරන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතු නිවේදනයක දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *