මාතර, දෙයියන්දර සණස සිව් මහල් බැංකු සංකීර්ණය ජනතා අයිතියට

(කොළඹ, ලංකාපුවත්) – මාතර, දෙයියන්දර සණස සිව් මහල් බැංකු සංකීර්ණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (06) ජනතා අයිතියට පැවරිණි.

සණස සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙනිය මහතා වෙත සහ මාතර දිස්ත්‍රික් සණස සංගමයේ සභාපති එම්.ජී. සුනිල්කාන්ත මහතා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

සණස මුලටියන සමිතියේ සභාපති එච්.පී.ඩී. චන්ද්‍රසිරි මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාපා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා යන මහත්වරුන් ද මාතර දිස්ත්‍රික් ලේකම් ඇතුථ රාජ්‍ය නිළදාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *