සෞදි කුමරෙක් හෙලිකොප්ටර් අනතුරකින් ජිවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) –හෙලිකොප්ටර් අනතුරකින් සෞදි කුමාරයකු වන මන්සූර් බින් මුක්රීන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම හෙලිකොප්ටරය කඩා වැටීම සිදුව ඇත්තේ යේමන් – සෞදි දේශසීමා ප්‍රදේශයේදීය. අනතුරින් මියගිය මන්සූර් බින් මුක්රීන් කුමරු , අසීර් පළාතේ නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කර ඇත.

හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුවූව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි සෞදි රජය පවසා සිටියි.

හෙලිකොප්ටරයට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක් එල්ල වන්නට ඇතැයි යන්න සම්බන්ධයෙන්ද සෞදි රජය සැක කරණු ලබනවා. යේමනයේ හවුති සටන්කාමීහු පෙරේදා රියාද් ගුවන්තොටුපොළ ඉලක්ක කර දිගුදුර මිසයිල ප්‍රහාර දෙකක් ද එල්ල කරනු ලැබු බවයි වාර්තා වන්නේ. එම ප්‍රහාර සෞදි හමුදාව විසින් වැළැක්වීමට සමත්වි තිබෙනවා.

සෞදියේ සල්මාන් රජු සහ ඔහුගේ පුත් ඔටුන්න හිමි සල්මාන් කුමරු එක් වී, පිහිටවු දූෂණ වංචා පිටුදැකීමේ කවුන්සිලය විසින්, සෞදියේ කුමාරවරුන් 11 දෙනෙකු සහ සමාන්‍ය ජනතාව ද අත්අඩංගුවට ගනු ලැබීය.

මන්සූර් බින් මුක්රීන් කුමරු සෞදියේ හිටපු ඔටුන්න කුමාරයකු වන මුක්රීන් බින් අබ්දුල් අසීස්ගේ පුතේකු වේ. වත්මන් සල්මාන් රජු මුක්රීන් බින් අබ්දුල් අසීස්ගේ අඩ සොයුරෙකු වේ. 2015 වසරේදීය මුක්රීන් බින් අබ්දුල් අසීස් ඔටුන්න හිමි කුමරු ධුරයෙන් නෙරපා දැමුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *