නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ මාතර දිස්ත්‍රික් ක්‍රියාන්විතය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රටේ ජනතාව ප්‍රශ්නවල කොටස්කරුවන් කරනවා වෙනුවට විසඳුම්වල කොටස්කරුවන් බවට පත්කිරීමේ අරමුණ තම දේශපාලන දැක්ම බවත් ඒ අරමුණ පෙර දැරිකරගනිමින් නිත්‍යනුකූල ඉඩම්හිමිකම් ඔප්පු නොමැති පවුල් වෙනුවෙන් ඉඩම් ඔප්පු ලබාදීම සිදුකරන බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ නිත්‍යනුකූල ඉඩම් හිමිකම් ඔප්පු නොමැති පවුල් 4000කට ආසන්න ප්‍රමාණයකට නීත්‍යනුකූල ඉඩම්හිමිකම් බලපත්‍ර ලබාදීම වෙනුවෙන් දෙණියායේ දී ඊයේ (05) පැවැත්වූ උත්සවයේදීය.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධනත්වයෙන් පැවති මෙම උත්සවයට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද එක්විය.

නීත්‍යනුකූල ඉඩම්හිමිකම් ඔප්පු නොමැති ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම මාතර දිස්ත්‍රික්කයේදී පැවැත්වූ පළමු අවස්ථාව මෙයයි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සාගල රත්නායක මහතා මෙසේද කීය.

මේ වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මේසඳහා ගතවුනේ සති තුනක පමණ කාලයක්. ඉඩම් ප්‍රශ්නය සමහර තැන්වලදී දශක දෙක තුනක් දක්වා ඇදී යනවා. නමුත් විසඳුම් ලැබිලා නෑ. අපේ අරමුණ මේ ඉඩම් ගැටළු වෙන් පිඩා විඳින අසරණ ජනතාව එයින් මුදවාගෙන ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමයි. තමන් ඉන්න ඉඩමේ සුරක්ෂිභාවය ඇතිවීම තුළින් එපවුල ආර්ථික වශයෙනුත් සුරක්ෂිත වෙනවා.

අපි මේ ආණ්ඩුව ගද්දි ජනතාවට පොරොන්දු රැසක් දුන්නා. ඒපොරොන්දු එකක්වත් අපි අමතක කරලා නැහැ. අපි ඒ පොරොන්දු එකින් එක ඉටුකරමින් ඉන්නවා.

අපි ආණ්ඩුව ගද්දිම කිව්වා තේවලට ඉහළමිලක් ලබාදෙනවා කියලා. මුලින්ම අපිතේ වලට ස්ථාවර මිලක් ලබා දුන්නා. දැන් අද වෙද්දි තේවලට රුපියල් සීයකට එහාගිය මිලක් ලැබිලා තියෙනවා.

අපි ඉදිරියේ දී සංචාරක ව්‍යාපාරය තුලින් දකුණ දියුණුකිරීමේ නවවැඩපිළිවෙල ආරම්භ කරනවා. ඒ හරහා දකුණේ ආර්ථිකය තවත් ශක්තිමත් කිරීමයි අපේ අරමූණ වෙන්නේ.

හම්බන්තොට වරාය දියුණු කිරීමේ ව්‍යාපෘතිය දැන් ආරම්භ කරලා තියෙනවා. ඒහරහා බිහිවන හම්බන්තොට කර්මාන්තපුරය දකුණේ ආර්ථිකය තව තවත් ශක්තිමත්කරනවා.

මේ හැමදේම කරන්න කලින් අපිට විශාල වගකීමක් පැවරිලා තිබුණා. ඒ තමයි රටේ සමඟිය ඇතිකරලා ආරක්ෂාව, සාධාරණත්වය සියලු පුරවැසියන්ට එකසේ ලබාදීම. අපිට ඒ දේ කරන්න පුළුවන් වුණා. රටේ පුරවැසියාට වගේම සංචාරකයාට මෙන්ම ආයෝජකයාටත් රට පිළිබඳ ආකර්ශනයක් ඇතිවෙන්නේ එවිටයි. අපිට ඒ අරමුණ ජයගන්න හැකිවෙලා තියෙනවා.

අපි මේවනවිට යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරනවා. ඒ තුළින් ජනතාවගේ ආර්ථිකයට ලැබෙන්නේ විශාල ශක්තියක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *