දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු උවදුර නැවතත් පැතිරීමේ අවධානමක් ඇති බැවින්, මෙම මස 09 හා 10 යන දෙදින තුල දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, පුත්තලම, රත්නපුර කෑගල්ල, යාපනය මහනුවර, මඩකළපුව, කල්මුණේ හා මාතලේ යන දිස්ත්‍රික්ක තවදුරටත් අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇත.

ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන පරිශ්‍ර, පාසල් ආගමික ස්ථාන, නව ඉදිකිරීම් ස්ථාන ඇතුලුව ඩෙංගු රෝගීන් බෝවීම වැළැක්වීම සදහා, මදුරු කීටයන් බෝවන ස්ථාන හදුනාගෙන, පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

එබැවින් මේ සදහා සියලුම කර්මාන්ත ශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ස්ථාන, ආගම්ක ස්ථාන හා පෞද්ගලික නිවාස වල පුර්ණ දායකත්වය හා නිරන්තර සහභාගීත්වය අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *