එළඹෙන උත්සව සමයේ බඩු මිල අඩු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් බඩු මිල අඩු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා කියා සිටියේ,

“ඉදිරි දෙසැම්බර් මාසයේ එන උත්සව සමය බඩු මිල අඩු කිරීම සඳහා.. ජනාධිපතිතුමාගේ මෙහෙය වීම යටතේ… රජය විශේෂ වැඩපිළිවෙලක් අපි අරගන්නවා.. ඒ වගේම ඒ සහන ලබා දීමේ වැඩපිළිවෙල අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා… මෙවර එන අයවැය ලේඛණයෙනුත් ඒ ජනතාව පිළිබඳව අවධානය යොමු කරලා ජනතාවට තිබෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරලා රටේ ඉදිරි ගමන අපේක්ෂා කරන ජාතික නිෂ්පාදනය වැඩිවෙන… ඒ වගේම ජීවන තත්වය උසස් වෙන ආකාරයේ ව්‍යාපෘති සඳහා තමයි ඉදිරි අයවැය ලේඛනය වැඩි අවධානයක් රජය යොමු කරලා තියෙන්නේ…”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *