කලබළ නොවන්න – සංස්ථාව සතුව ඉන්ධන තිබෙනවා – ඇමති අර්ජුන

(කොළඹ, ලංකාපුවත්) – දැනට මෙට්ට්‍රික් ටොන් 10,000 ක තෙල් සංචිතයක් පවතින අතර දිනකට තෙල් මෙට්ට්‍රක් ටොන් 2500 ක් ඉන්ධන පිරවුල්හල් සඳහා නිකුත් කරන බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ලබන 8 වනදා නැවක් පැමිණෙන අතර එතෙක් තෙල් ප්‍රමාණවත් වන බැවින් ජනතාව කලබලයට පත් නොවන ලෙසත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා, මේ බව පැවසුවේ ඊයේ(06) ලංකා ඛණිජ තෙල් නීතිගත සංථාවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දැනට ඉන්ධන පිරවුම්හල්වලින් තෙල් ලබාගෙන ඇතැම් පිරිස් වැඩි මිලට විකුණන තත්ත්වයක් වාර්තා වන බවත් ඔවුන්ට එරෙහිව නිතීමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට ලංකා ඛණිජ තෙල් නීතිගත සංථාවේ සභාපති ධම්මික රණතුංග ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *