අමෙරිකා ජනපති උතුරු කොරියාවට නැවතත් අනතුරු අඟවයි

(කොළඹ, ලංකාපුවත්) –අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියාවට අනතුරු අඟවා තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල දකුණු කොරියා සංචාරයක නිරතව සිටියි.

දකුණු කොරියා පාර්ලිමේන්තුව අමතමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ අප අනුගමනය කිරීමට උත්සාහ කරන ලෙසයි.

උතුරු කොරියාව අඳුරු පැතිකඩකට ගමන් කරමින් සිටින බව ද ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. උතුරු කොරියා නායක කිම් ජෝන් උන් සමඟ ඍජු සාකච්ඡාවකට සුදානම් බව ද ඔහු කියා සිටියේය.

අමෙරිකාවේ ක්‍රියා කලාපය අවතක්සේරු නොකළ යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. දකුණු කොරියාව තුළ අමෙරිකාව යුදමය වශයෙන් ශක්තිමත් බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *