අයවැයට පෙර අත්‍යාවශ්‍ය භාණ්ඩවලට සහනයක්

(කොළඹ, ලංකාපුවත්) –අද (08)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබෙන වෙළෙඳ භාණ්ඩ බද්ද පහත දමා ඇති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේ අද පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේ අර්තාපල්, ලොකු ලූණු, පරිප්පු, කරවල, පොල්තෙල් සහ එළවළු තෙල් යන භාණ්ඩ වර්ගවල බදු මෙලෙස පහත දමා ඇති බවය.

ඒ අනුව අර්තාපල් සහ ලොකු ලූණු කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 39 කින් සහ පරිප්පු කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 12 කින් අඩුකර තිබේ.

කරවල සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 කින් අඩුකර ඇත.

මේ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය ද නිකුත් කළ බව මුදල් අමාත්‍යවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *