යේමනයට ආධාර ගෙන යන සියලු මාර්ග සවුදි අරාබිය වසා දමයි

(කොළඹ, ලංකාපුවත්) –යේමනයට ආධාර ගෙන යාමට තිබෙන සියලු මාර්ග සවුදි අරාබිය වසා දැමීම හේතුවෙන් ආධාර ලබාදීමට නොහැකිව දැඩි අසීරුතාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

රතු කුරුස සංවිධානය හා ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ මෙය ව්‍යසනයක් දක්වා වර්ධනය වී ඇති බවය.

යේමනයේ සිටි මිලියන ගණනක ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට නොහැකි වී ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.

ආධාර ලබාදෙන මුවාවෙන් ඉරානයේ සිට ගිනි අවි හා බෝම්බ රැගෙන ඒමට කැරළිකරුවන් කටයුතු කරන බවට සවුදි අරාබිය චෝදනා කරනු ලැබේ. කොළරා රෝගය හේතුවෙන් ලක්ෂ නවයකට වැඩි පිරිසක් පීඩා විදින අතර ඔවුන්ට ක්ලෝරීන් ලබාදීමට ද නොහැකි වී තිබේ.

යේමනය තුළ මිලියන හතකට වැඩි පිරිසක් සාගතයෙන් පීඩා විදින බව එරට වාර්තා සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *