කොළොම්බියා නායෑමකින් 09ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – කොළොම්බියාවේ සිදුවූ නාය අනතුරකින් පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තවත් 19 දෙනෙකු අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අධික වැසි හේතුවෙන් කොළොම්බියාවේ කොරින්ටෝ ප්‍රදේශයේ ලා පෙයිලා ගංගාව පිටාර ගැලීමට ලක්ව ඇත.

එම නිසා, ප්‍රදේශයේ නාය යෑම් සහ ගංවතුර තත්වයක් හටගෙන තිබේ.

ප්‍රදේශයේ මාර්ග රැසක් මඩ සහ ජලයෙන් යටවී ගොස් ඇතැයි ද සදහන් වේ. නිවාස 37ක් පමණ විනාශ වී ඇත. විපතට පත්වූවන් වෙනුවෙන් අඛණ්ඩ සහන මෙහෙයුම් ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *