කොදෙව්වන් පාකිස්තාන සංචාරය ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්තානයේ සංචාරය කිරීම බටහිර ඉන්දීය කොදෙව් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්තානයේ ලාහෝර් නුවර සංචාරයකට එක්වන්නැයි පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති නජාම් සේති මහතා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පසුගියදා විවෘත ආරාධනයක් කර තිබුණි.

දෙරට අතර පන්දුවාර 20-20 තරගාවලිය ලබන වසරේ ලාහෝරයේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය පාකිස්තානයේ ආරක්ෂාව පිළිබද සෑහීමට පත්විය හැකිදැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් විමසීමක් කර ඇත.

ලෝක ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20-20 තරගාවලියකට ද, ශ්‍රී ලංකා කණ්ඩායම එක් පන්දුවාර 20-20 තරගයකට ද පසුගියදා ලාහෝරයේ දි සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *