තෙල් බෙදාහැරීම පස්වරුවේ සිට

(කොළඹ, ලංකාපුවත්) –නෙවස්කා ලේඩි නෞකාවෙන් දිවයිනට රැගෙන ආ පෙට්‍රල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධ පරීක්ෂණය සමත්ව ඇති බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න මහතා පවසයි.

ප්‍රමිති පරික්ෂාවේදී එය බෙදා හැරීමට සුදුසු ප්‍රමිතියේ පවතින බව තහවුරු වූ බවත් අද(09) සවස් වන විට ඉන්ධන බෙදා හැරීමේ කරටයුතු ආරම්භ කරන බවත් ඔහු සදහන් කළේය.

මෙම ඉන්ධන නෞකාව පෙට්ට්‍රල් මෙට්ට්‍රික් ටොන් 40000ක් රැගෙන පැමිණ ඇති අතර ඉන් මෙට්ට්‍රික් ටොන් 32500ක් ඔක්ටේන් 92 වර්ගයේ වන අතර ඉතිරි මෙට්ට්‍රික් ටොන් 4500ක ප්‍රමාණය ඔක්ටේන් 95වර්ගයේ ය.

එමෙන් ම මේ වන විටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙතින් දෛනිකව ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාව සතු බවත් පෙන්වාදෙන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය, ඉන්ධන හිඟයක් ඇතැයි ජනතාව අනිසි බියකින් පසුවුවද අවශ්‍ය තරම් තෙල් තොග සංස්ථාව සතු බවත් සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *