අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට

(කොළඹ, ලංකාපුවත්) –තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න යළි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබේ.

ඒ, ඉන්දියාව එරෙහි ටෙස්ට් තරගාවලි සඳහාය. තරගාවලියට නම් කළ සංචිතයට ඔහු මුලින් ඇතුළත් කර සිටියේ නැත.

එහෙත් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස අසේල ගුණරත්න ශ්‍රී ලංකා සංචිතයට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර ඇත.

ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්ෂා කෙරෙන විශේෂ තරගයක් ලබන බදාදා පැවැත්වීමට නියමිතය.

අසේල ගුණරත්න අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් ජුලි මාසයේ පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගය සඳහායඅ.

එහිදී ආබාධයකට ලක්වූ ඔහුට ඉකුත් ඉන්දීය සහ පකිස්තාන තරගාවලි දෙකම අහිමි විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *