(කොළඹ, ලංකාපුවත්) –සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීම සඳහා මව් රටට පැමිණෙන බව ලෙබනන් අගමැති සාද් හරීරි පවසයි.
සෞදි අරාබියේ ෆියුචර් ටීවී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඔහුව රඳවාගෙන සිටින බවට කැබිනට් සාමාජිකයින් එල්ල කරන චෝදනා අගමැතිවරයා ප්‍රතික්ෂේප කර තිබේ. සිය අස්වීම සම්බන්ධයෙන් ඔහු හිස්බුල්ලා සංවිධානයට චෝදනා එල්ල කර ඇත.
ලෙබනනය ඇතුලු විශාල කලාපයක් දේශපාලනිකව අස්ථාවර කිරීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා කර ඇත. තමා ලෙබනනයට ගොස් ව්‍යවස්ථානුකූලව ධුරයෙන් ඉවත් වන බව අගමැතිවරයා කියා සිටියේය. සිය ඉල්ලා අස්වීම ලෙබනනයට සිහිකැඳවීමක් විය හැකි බව ඔහු තවදුරටත් අදහස් දක්වමින් සදහන් කර තිබේ.