තරුණ ව්‍යවසායකත්වය දියුණු කිරීමට අයවැයෙන් පියවර

(කොළඹ, ලංකාපුවත්) –තරුණයන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න මේ අයවැයෙන් පියවර රැසක් අරගෙන තිබෙන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) පාර්ලිමේන්තුවේ දී අයවැය 2018 දෙවැනිවර කියවීමේ විවාදයට එක් වෙමිනි.‍

නීල හරිත අයවැයේ වැදගත් සාධකය තමයි දසක ගණනකාවක් පුරා පහළ ගිය රාජ්‍ය ආදායම 41%ක් වැඩි කරගෙන තිබීම. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ජාතික ආදයම සියයට 8%ක්. නිදහස ලැබෙනකොට අපේ රාට් මුදල් අතිරික්තියක් තිබුණා. නමුත් අද දේශපාලන පක්ෂ ගණනාවක් රට පාලනය කරලා බිලියන හත්දාහක් ණයයි.මෙයට රට පලනය කළ සෑම පක්ෂයක් ම වගකියන්න ඕන. ප්‍රමාද වී හෝ මේ ජනවාර්ගික ප්‍රශ්නය අප විසඳන්න ඕන. යුද්ධය නිසා රටට ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් පාඩුවෙල තිබෙනවා. ප්‍රමාද වෙලා හරි යුද්ධය අවසන් වෙලා තිබෙනව. ව්‍යවස්ථාදායක කමිටුවට මේ ප්‍රශ්නය විසඳාගන්න හැකියාව ලැබෙයි.

මේ අයවැය තරුණයන්ට අතදෙන අයවැයක්.කුණ්ඩසලේ අයි.ටි. ආයතන පිහිටුවනවා. අපේ රටේ දැනුම තිබෙන හැකියාව තිබෙන, තාක්ෂණික දැනුම තිබෙන තරුණ පරම්පරවක් අවශ්‍යයි.දේශීය ව්‍යවසායන් ගෝලීය ව්‍යවසායකයන් බවට පත් කෙරෙන යෝජන ඉදිරිපත් කර තිබෙනවා.දුප්පත්කම දුරලීම සඳහා විවිධ පියවර ගෙන තිබෙනවා. උතුරේ ජනකොටස් වෙත විශේෂ අවධානයක් යොමු කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *