ඩුබායි පොලිස් නිළධාරින්ගෙන් ගිනස් වාර්තාවක්

(කොළඹ, ලංකාපුවත්) –ඩුබායි පොලිස් නිලධාරීන් 56 දෙනෙකු සමන්විත කණ්ඩායමක් ඒ 380 ගුවන්යානයක් කඹයක ආධාරයෙන් මීටර් 100කට වඩා වැඩිදුරක් ඉදිරියට ඇද ගිනස් වාර්තාවක් තැබීමට ගෙන් සමත්ව තිබේ.

ඩුබායි පොලිස් නිලධාරීන් ලෝක වාර්තාව තැබීමට ඇදි යානය ලෝකයේ බරම ගුවන්යානයක් ලෙස සැලකේ. එය බරින් 302.68ක් පමණ වේ.

ලෝක වාර්තාව තැබිමෙන් පසු ගිනස් සහතිකය ඩුබායි පොලිස් ප්‍රධානි, මේජර් ජෙනරාල්, අබ්දුල්ලා කලීෆා අල්-මෙර්රි වෙත ගිනස් ලෝක වාර්තා කමිටුවේ අධ්‍යක්ෂ, හුදා අල්-කසාබා විසින් පිළිගන්වා තිබේ.

මේ අනුව බිඳි ඇත්තේ 2011 වර්ෂයේදී ටොන් 218.56ක් බරකින් යුතු බෝයිං වර්ගයේ ගුවන්යානයක් හොංකොං අන්තර් ජාතික ගුවන් තොටුපලේ පුද්ගලයින් 100කගේ කණ්ඩායමක් ඉදිරියට ඇද තබා තිබු ගිනස් වාර්තාවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *