ඉන්දු – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට වර්ෂාවෙන් බාධා

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රි ලංකාව හා ඉන්දියාව අතර අද(16) පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරග ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ.

දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතය. එහි පළමු තරගය අද උදෑසන 9.30ට ආරම්භ වීමට නියමිතව තිබුණේ කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීය.

වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් මේ වන තුරු තරග ආරම්භයට හැකිව නැත. ක්‍රීඩා පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට තරග සංවිධායකයින් කටයුතු කර ඇත.

තරගයේ කාසියේ වාසිය ද මෙතෙක් උරගාබලා නොමැත. තවත් ස්වල්ප වේලාවකින් ක්‍රීඩාපිටියේ වැසි ආවරණ ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ දිනේෂ් චන්දිමාල් විසින් මෙහෙයවන අතර ඉන්දියා පිළ මෙහෙයවනු ලබන්නේ විරාත් කෝලි විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *