ඉරාන – සෞදි යුද්ධයක් ඇතිවුවහොත් තෙල් මිලට සිදුවන දේ

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය හා සෞදි අරාබිය අතර යුද්ධයක් ඇති වුවහොත් එය ලෝක ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

එමගින් ලෝක තෙල් මිල විශාල වශයෙන් ඉහළ නු ඇති බවට ඔවුන් අනතුරු අගවා ඇත. දෙරට අතර ගැටුමක් ආරම්භ වුවහොත් එක් දිනයක් තුළ බොරතෙල් බැරලයක් ඩොලර් 150ත් 200ත් අතර අගයකින් ඉහළ යනු ඇති බව විශ්ලේෂකයින් කියා සිටි.

ඔවුන් එකිනෙකාගේ තෙල් නිධිවලට හෝ පිරිපහදුවලට ප්‍රහාර එල්ල කරගතහොත් බැරලයක මිල ඩොලර් 300ක පමණ අගයක් ගනු ඇත. දැනට ලෝක වෙළෙදපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 50ත් 60ත් අතර අගයකය.

යුද්ධයක් ඇති වුවහොත් එහි බලපෑම ඉරානය, සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ඕමාන් සහ කටාර් රාජ්‍යයවලට සෘජුවම එල්ල වේ. මේ රටවල් ලෝක තෙල් නිෂ්පාදනයෙන් තුනෙන් එකක් සපුරාලන අතර එය දිනකට බැරල් මිලියන 28කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *