පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය නැති වුණේ විධායකයේ අනිසි බලපැම නිසයි – රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – 1978 සම්පාදනය වූ ව්‍යවස්ථාවට එරෙහිව එදා සිටම විරෝධය දැක්වූ කණ්ඩායම් වර්තමානයේදී එවැනි වෙනසකට විරෝධය පල කරමින් සිටින බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අතැම් උදවියට ඇතැම් ශ්‍රේෂ්ඨාධිකරණ නියමයන් පවා මතකයට නැගෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. අමාත්‍යවරයා පවසන්නේ විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම තුළ පෙඩරල් පාලන ව්‍යුහයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට ඉදිරිපත් වූ නියමයක් ඉදිරියට දමමින් අතැමුන් ව්‍යවස්ථා සංශෝධනය වැලැක්වීමේ උත්සාහයක නිරත වී සිටින බවයි.

ආණමඩුව මැතිවරණ කොට්ඨාශයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් පසුගියදා (14) පැවැති වැඩමුළුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මෙසේද පැවැසීය,

මැතිවරණ ක‍්‍රම වෙනස් කිරීමට වඩා අප ලබා දුන් පොරොන්දුව වන්නේ ව්‍යවස්ථා සංශෝධනයයි. පාර්ලිමේන්තුව කෙරෙහි ඇති ජනතා විශ්වාසය අඩු වෙලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වූ දිනෙක පෙඩරල් ක‍්‍රමයක් ඇති විය හැකි බවට ලබා දී ඇති නියමයන් , අර්ථ දැක්වීම් අතැමුන්ට පේන්නේ ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට මුල පුරන මෙහොතේද ? එදා ඔවුන් හඩ නැගුවේ විධායකය අහෝසි කල යුතු බවටයි. අද මේ අයට වසර ගණනාවකට පෙර ලබා දුන් අධිකරණ නියමයක් මතක් වෙලා.

ඒ වගේම ඔවුන් කියන තවත් මතයක් වන්නේ පාර්ලිමේන්තුවේ නියෝජිතයින් කිසියම් තනතුරකට පත්වීමෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසය පලූදු වන බවයි. පාර්ලිමේන්තුව කෙරෙහි ඇති විශ්වාසය බිද වැටුනේ පක්‍ෂ මාරු කරන නියෝජිතයින් නිසයි. තමන්ට විරුද්ධව නඩුවක් වැටුනම පක්‍ෂ මාරු කරන නියෝජිතයින් නිසත් පාර්ලිමේන්තුවේ විශ්වාසය බිද වැටුනා. වාසියට මෙන්ම තනතුරක් ලැබුණමත් ඇතැමුන් පක්‍ෂ මාරු කළා. කරපු හොරකම් වලින් ගැලවෙන්න නාමය මාරු කරපු අයත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. දැන් එයාලම කියනවා මේ පාර්ලිමේන්තුව විශ්වාස නැතිලූ. ඒ නිසා විධායක ජනාධිපතික‍්‍රමය අහෝසි කිරීම උචිත නැතිලූ.

අපි කියන්නේ විධායක ජනාධිපතික‍්‍රමය නිසයි මේ සියළු පලූදු වීම් සිදුවුණේ. පාර්ලිමේන්තුව කෙරෙහි වූ විශ්වාසය නැති වුනේ විධායකය අනිසි ලෙස පරිහරණය කළ නිසයි. ඒක එහෙමයි කියලූ උදවිය අද විධායක ජනාධිපති ක‍්‍රමයට සුජාතභාවයක් ලබා දෙන්න උත්සාහ කරමින් සිටින්නේ රටට ආදරේට නෙමෙයි, කාගේ හරි පස්සෙන් එල්ලිලා බලයේ රදී සිටිමේ ආසාවටයි.

යුගයෙන් යුගයට වෙනස් වීම් කළ යුතුයි. නොදියුණු රට දියුණු කරන්න ජේ. ආර් ජනාධිපතිතුමා විධායකය සහිත ව්‍යවස්ථාවක් සම්පාදනය කළා. ඒ එදා යුගය. අද අපි කරන්නට ඕනෑ වෙන්නේ වර්තමානයට හා අතීතයට ගැලපෙන කාරණායි. එහෙමනම් දැන් අප කළ යුතු වන්නේ පලූදු වීම් නැති කාටත් පිළිගත හැකි ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමයි. බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය හිමිවන ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව අප හැමගේ පිළිගැනීම හා ස්ථාවරයයි. එසේ නොවන බව අවස්ථාවාදීන් විසින් ප‍්‍රකාශ කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරමින් සිටිනවා. නමුත් සියළු දේශපාලන පක්‍ෂ ආගම් ජාති භේදයකින් තොරව ප‍්‍රකාශ කර ඇත්තේ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථාානය හිමි විය යුතු බවයි. කුමන බාදාවන් ඇති වුවද ඒවා වලක්වාලමින් රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ වගකීම පැවැරෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *