ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ නව සභාපතිවරයා ලෙස නීතීඥ ලලිත් පීරිස් මහතා නාවල පිහිටි එම ආයතනයේදී සිය ධූරයේ රාජකාරී කටයුතු ඊයේ(15) ආරම්භ කළේය.

ලලිත් පීරිස් මහතා 1968 වර්ෂයේ උපත ලබා ඇති රත්නපුර සීවලී විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. අනතුරුව ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලබාගෙන ඇති අතර, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් නීතිඥවරයෙකු ලෙස 1997 වර්ෂයේදී දිවුරුම් දී තිබේ.

ඒ මහතා 1997 වර්ෂයේ සිට රත්නපුර දිස්ත්‍රික් නීතීඥ සංගමයේ කටයුතු කරන අතර, මේ වන විට එම සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරයි.

ලලිත් පීරිස් මහතා 2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරන අතර, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය විසින් ඔහු විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත් කොට ඇත.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ආර්.කේ.ඔබේසේකර, කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු යන මහත්වරුන්ද එක්වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *