සිම්බාබ්වේ ජනපති මුගාබේ හමුදා අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ හමුදාව ජනාධිපති රොබට් මුගාබේ ඇතුළු පවුලේ සාමාජිකයන් රඳවාගෙන සිටින බව පාලක සානු-පීඑෆ් පක්ෂය පවසයි.

එය රටේ ව්‍යවස්ථාව සහ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ගයක් බව ද පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අගනුවර රූපවාහිනී මධ්‍යස්ථානය හමුදාව අල්ලාගත් බවත් වාර්ථා වේ. එහෙත් එය කුමන්ත්‍රණයක් නොවන බව හමුදාව පවසා ඇත.

සිදුවෙමින් පවතින්නේ කුමන්ත්‍රණයක් නොවන බව බව පාලක සානු-පීඑෆ් පක්ෂය ද අවධාරණය කරණ අතර එය සාමකාමී ලෙස බලය පවරාදීමක් පමණක් බවට ඔවුන් කියා සිටි බව මාධ්‍ය වාර්තා පල වේ.

හමුදා ජනරාල්වරයෙක් රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ජනාධිපතිවරයා ආරක්ෂා සහිතව සිටින බවය. නමුත් ඔහු සිටින්නේ කොතැනක දැයි ප්‍රකාශ කර නොමැත.

ජනාධිපති මුගාබේ ගේ පෞද්ගලික නිවාසය අසල සහ අගනුවර උතුරු ප්‍රදේශයේ වෙඩි හඬ සහ පිපිරීම් හඬ ඇති වු බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අගනුවර බලය හමුදාව අත්පත් කරගැනීමෙන් පසුව දකුණු අප්‍රිකානු වෙබ් අඩවියක් උපුටා දක්වමින් බිබිසි ප්‍රවෘත්ති සේවය පවසන්නේ ජනාධිපති රොබට් මුගාබේ “පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙමින් සිටින” බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *