සීමා නිර්ණ ගැසට් පෙත්සම විභාගයට නිතිමය ගැටලුවක්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන ආයතනවල සීමා නිර්නයට අදාළව විෂය භාර අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තහනම් කරන්නැයි, ඉල්ලා ජන්දදායකයින් පිරිසක් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාගයට ගැනීම සඳහා අවසර ලබා දෙන්නේද? නැද්ද? පිළිබඳ නියෝගය ලබන 22 වැනිදා ප්‍රකාශ කරන බව අභියාචනාධිකරණය අද (16) ප්‍රකාශ කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. ටී. බී . දෙහිදෙණිය, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සළකා බලන ලදි.

එහි දී වගඋත්තරකාර පළාත් පාලන විෂයභාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේසේකර මහතා මූලික විරෝධතාවක් මතු කරමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සහ පළාත් පාලන සීමා නිර්නය කමිටුවේ සාමාජිකයින් නම් කර නොමැති නිසා එය විශාල නීතිමය දෝෂයක් බව පෙන්වා දුන්නේය.

ඊට අමතරව පෙත්සම තුළ අසත්‍ය කරුණු රැසක් ඇතුළත් කර ඇති බැවින් එය විභාග කිරීමට තරම් සුදුසු නීතිමය පදනමක් නොමැති හෙයින් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කර ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, පැෆරල් සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු ඉදිරිපත් කළ අතර ඔවුන් සඳහන් කළේ එය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ඒ අනූව, අධිකරණය සිය නියෝගය ප්‍රකාශ කිරීම ලබන බදාදා (22)ට කල් තබන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *