‘Purple Fashionista’මනුෂ්‍යත්වයේ ඉසව්ව සමග එක්වෙමින් Glow සිය‘Inner Beauty’සංකල්පය සවිගන්වයි

(කොළඹ, ලංකාපුවත්) – සමට පෝෂණීය රැකවරණය ලබාදෙන නිෂ්පාදන අතරේ, පුරෝගාමී සන්නාමයක් වන Glow, පසුගියදා පැවැති Purple Fashionista’ coffee morning ඉසව්වේ දී මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත දෙකක් සමග අත්වැල් බැදගනිමින් මහගු සමාජ සත්කාරයක් උදෙසා ක්‍රියාත්මක විය.

ඒ අනුව එම ඉසව්වේ දී රැස්වූ අරමුදල් පසුගිය ගංවතුර ව්‍යසවයට ලක්ව, තම ඇදිවත පමණක් ඉතිරිව අන්ත අසරණ වූ කුඩා දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් නව නිවසක් සාදා දීම සදහා යොමු කරනු ඇත.

‘ඇතුලාන්තයේ සුන්දරත්වය’ හෙවත්’inner beauty’ නැමැති අපූර්ව සංකල්පය දරමින් මෙරට වෙළෙදපොලේ විශ්වාසය දිනා සිටින සමට පෝෂණීය රැකවරණය සපයන එකම සන්නාමය ලෙසින්, ගංවතුරෙන් මේවන විටත් අසරණව සිටින පවුල් වෙනුවෙන් ඉදිරිපත්වීම අපේ කාර්යභාරයක් ලෙස Glow සලකනවා. Purple Fashionista සමග එකතුව මේ කටයුත්ත සිදුකරන්න ලැබීමේ වරප්‍රසාදය Glow වෙත හිමි වුනා. මෙවැනි දේ මගින් ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාගේ ‘ඇතුලාන්තයේ සුන්දරත්වය’ බාහිර ලෝකය ඉදිරියට කැදවන්නට හැකිවෙනවා’ යැයි Mega Lifesciences පුද්ගලික සමාගමේ දේශීය කළමනාකරු ප්‍රවීන් විශ්වකුමාරන් මහතා පැවසීය.

‘මිස් ශ්‍රී ලංකා’ ජයග්‍රහණය කරමින් 2005 වසරේ විශ්ව රූ රැජින තරගයට ඉදිරිපත් වූ රොසෑන් ඩයස් සහ ඇගේ මිතුරියන් වූ රශ්මි ලංකිකා සහ සොනාලි බර්ටිනස්ගේ සංකල්පයක් වූ ‘Purple Fashionista’ විලාසිතා දැක්ම අදාළ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන මයිකල් විජේසූරියගේ විලාසිතා නිර්මාණවලින් හැඩගැන්වී 300තට අධික පිරිසක් මධ්‍යයේ ඔක්තෝබර් මස අග දී කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්වුණි.

ලෝක විවාහන රැජින වූ රෝසි සේනානායක මහත්මිය මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගී වූවාය.

මෙම අවස්ථාවේ දී රුසවූ මූල්‍ය ප්‍රදානයන් ගංවතුර ආපදාවෙන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින මාතර උනල්ල ප්‍රදේහයේ වෙසෙන ප්‍රියන්ත මහතාගේ පවුල උදසො නව නිවසක් ගොඩනැගීම පිණිස යොදවනු ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *