අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

(කොළඹ, ලංකාපුවත්) – යහපාලන රජයේ 2018 වර්ෂයට අදාළ අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ(16) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

ඒ අනුව දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද 151 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 58 ලැබුණි.

දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 10 දින ආරම්භ විය.

විසර්ජන පනත් කෙටුම්පත විවාදයේ අමාත්‍යාංශවලට අදාළ වැයශීර්ෂ විවාද අද(17) සිට ආරම්භ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *