තවදුරටත් ජනපති මමයි – මුගාබේ නිවාස අඩස්සියේ සිට කියයි

(කොළඹ, ලංකාපුවත්) –සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ, ඔහුට ධුරයෙන් ඉවත් වන ලෙස කෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව වාර්තා වේ.

93 හැවිරිදි මුගාබේ මේ වන විට නිවාස අඩස්සියේ පසුවේ. සිම්බාබ්වේ හමුදා ප්‍රධානියා සහ කලාපීය නියෝජතයින් ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් , ඔහු ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ බව එරට වාර්තා සදහන් කර ඇත.

මුගාබේ ඉතා ඉක්මනින් ධුරයෙන් ඉවත් වීම ජනතාවගේ අපේක්ෂාව බව එරට විපක්ෂ නායක මෝගන් ස්වන්ගිරායි ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා තම බිරිඳව උප ජනාධීපති ධුරයට නම් කිරීමේ අරමුණින් පසුගිය සතියේදී උප ජනාධිපති එමර්සන් නන්ගග්වා ව ධුරයෙන් පහ කරන ලදි.

මුගාබේව ධුරයෙන් ඉවත්වීමට නිල වශයෙන් එකඟ කර ගත හැකි වුවහොත් හමුදාවේ මැදිහත් වීම නීත්‍යානුකූල විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහෙත් ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇතැයි එම වාර්තා වල වැඩි දුරටත් සදහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *