ඇමති අර්ජුනගෙන් CIDට පැමිණිල්ලක්

(කොළඹ, ලංකාපුවත්) – යළිත් වරක් ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය කරුණු අන්තර් ඡාලය හා කෙටි පණිවිඩ මඟින් ප්‍රචාරය කරන පුද්ගලයින් සොයා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කළ බව ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අද(20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ඊයේ(19) රාත්‍රී කාලයේ දී නැවත වතාවක් ඉන්ධන පිරවුම් පොළවල් කිහිපයක පෝළිම් දක්නට ලැබුණු බවත්, සමාජ ඡාලා වෙබ් අඩවි හා කෙටි පණිවිඩ මඟින් ජනතාව මෙලෙස මුලා කර ඇතැයි අමාත්‍යවරයා එහිසී පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට රට තුළ කිසිදු පෙට්‍රල් හා ඩීසල් හිඟයක් රට තුළ නොමැති බව තමා වගකීමෙන් යුතුව පවසන බවත්, මහජනතාවට ඒ පිළිබඳ කිසිවිටෙකත් කලබල විය යුතු නැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඉදිරි සති 2 ක තුළදී තවත් ඉන්ධන නැව් 3ක් පැමිණිමට නියමිත බවත්, එතෙක් ඉල්ලුමට වඩා වැඩියෙන් ඉන්ධන පිරවුම්හල් සඳහා ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ඉදිරියේ දී ඡන්දයක් පැවැත් වීමට නියමිත බැවින් ආණ්ඩුවට විරෝධය දක්වන එක් කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ ද යන්න පිළිබඳ සැකයක් මතුව ඇති බවද රණතුංග මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *