ආජන්ටිනාවේ අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට කාලගුණයෙන් බාධා

(කොළඹ, ලංකාපුවත්) – ආජන්ටිනාවට අයත් අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමේ කටයුතුවලට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී ඇතැයි බලධාරීන් සදහන් කරයි.

කාර්ය මණ්ඩලයට අයත් 44 දෙනෙකු සමග එය අතුරුදන් වූයේ පසුගිය බදාදා ය. සබ්මැරීනය සෙවීමේ කටයුතුවලට අමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක් එක්වී සිටි. ඒ.ආර්.ඒ. සැන් ජුවාන් සබ්මැරීනයෙන් අවසාන වරට සංඡාවක් නිකුත් වී ඇත්තේ, ආර්ජන්ටිනා වෙරළට කිලෝ මීටර 430ක් දුරින් මුහුදු ප්‍රදේශයේදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සෙනසුරාදා සබ්මැරීනයෙන් සංඥාවක් ලැබුණද, ඒ ඔස්සේ සබ්මැරීනය සොයා ගැනීමට අපොහොසත් විය. පරීක්ෂණ සඳහා නාසා ආයතනයෙන් පරීක්ෂණ ගුවන් යානයක් ද යොදා ගැනුණි. මේ වන විට සම්බැරීනය ඇතැයි සැක කෙරෙන ප්‍රදේශයේ මීටර 6ත් 8ත් පමණ චණ්ඩ රළ පවතින බව වාර්තා වේ.

දැඩි සුළං ද හේතුවෙන් සෙවීමේ මෙහෙයුමට බාධා එල්ල වී තිබේ.

ආජන්ටිනා නාවික හමුදාව කියා සිටින්නේ, අතරුදන්වූ ඩීසල් – විද්‍යුත් සබ්මැරීනය සතුව සති දෙකකට ප්‍රමාණවත් ආහාර, ජලය සහ ඔක්සිජන් ගබඩා කර තිබූ බවය. එම නිසා, සබ්මැරීනය තුළට ජලය කාන්දුවී නොමැති නම්, නාවිකයන්ගේ ජීවිතවලට විශාල තර්ජනයක් ඇති නොවන බව විශ්වාසය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *