තිගාම්බරම් වොලි බෝල් අභියෝගතා කුසලාන නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී

(කොළඹ, ලංකාපුවත්) – කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ සංකල්පයක් යටතේ, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සහ වැවලි මානව සංවර්ධන භාරය එක්ව සංවිධානය කළ තිගාම්බරම් වොලි බෝල් අභියෝගතා කුසලාන තරඟාවලිය ඊයේ (19) හැටන් නොර්වුඩ් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

තරඟාවලිය සඳහා වතු ප්‍රජාව නියෝජනය කරමින් රට පුරා දිස්ත්‍රික් රැසක කාන්තා සහ පිරිමි වශයෙන් කණ්ඩායම් ඉදිරිපත් වූහ.

තිගාම්බරම් වොලිබෝල් අභියෝගතා කුසලානය තරඟාවලියේ පිරිමි අංශයේ ශූරතාවය හිමි කරගත්තේ බදුල්ල ගෝනකැලේ වතුයායේ කණ්ඩායම විසිනි. කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගත්තේ ගාල්ල නාකියාදෙනිය වතුයායේ කණ්ඩායමයි.

තරඟාවලියේ පිරිමි අංශයේ අනු ශූරතාව හැටන් ටිල්කුට්‍රි වතුයායේ කණ්ඩායම හිමිකරගත් අතර ලබාගත් සියලු ජයග්‍රහණ සඳහා ත්‍යාග හා සහතික පත් ලබාදීමද සිදුකෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *