ඒඩ්ස් නිසා 678ක් මිය ගොසින්

(කොළඹ, ලංකාපුවත්) –මෙම වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 678 දෙනෙකු බව ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකය සදහන් කරයි.

HIV වෛරසය පැතිර යාම වැළැක්වීම පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ඊයේ (20) ආරම්භ කෙරුණි.

දෙසැම්බර් පළමු වනදාට යෙදී තිබෙන ඒඩ්ස් මර්දන දිනය නිමිත්තෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන ඒකකය, දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධාන කර තිබේ. ඒ යටතේ පළමු වැඩසටහන ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

පවුල් සෞඛ්‍ය සංවිධානය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ එච් අයි වී සමඟ ජීවත් වන්නන්ගේ සමිති කිහිපයක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ වසරේ දෙවන කාර්තුව වන විට ඒඩ්ස් රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව හයසිය හැත්තෑ අටකි.

එච් අයි වී වෛරසය ආසාදිත සංඛ්‍යාව 2,688ක් බවයි මෙහිදී අදහස් දැක්වූ ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *