ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් දරුවන් වෙනුවෙන් තවත් සත්කාරයක්

(කොළඹ, ලංකාපුවත්) –විකල්ප ළමා රැකවරණ ක්‍රම ඔස්සේ ළමයින් රැක බලා ගැනීම පිළිබඳව අවධානය යොමු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගෙන තිබේ.

ළමා නිවාසවල සිටින දරුවන්ට කැපකරු මාපිය ක්‍රමය යටතේ පවුලක් ලෙස ජීවත් වීමට අවස්ථාව ලබාදීම එහි අරමුණ වේ. මේ පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් පසුගිය දා මෝල්ටා රාජ්‍යයේ දී පැවැත්වුණි.

ලොව පුරා ළමයින් නිවාසගත කිරීමට දුප්පත්කම, සංක්‍රාන්තිකබව, විකල්ප රැකවරණයක් නොමැති බව සහ සමාජ ආරක්ෂාව නොමැති වීම යන කරුණු බලපාන බව සමුළුවේ දී අවධාරණය කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *