ඉතාලි කොස්ටා නියෝ ක්ලැසිකා මගී නෞකාව කොළඹ වරායට

(කොළඹ, ලංකාපුවත්) –රජයේ යහපත් විදෙස් සබඳතාවල තවත් අවස්ථාවක් සනිටුහන් කරමින් ඉතාලි කොස්ටා නියෝ ක්ලැසිකා මගී නෞකාව කොළඹ වරායට සේන්දු විය.

ඉතාලි කොස්ටා නියෝ ක්ලැසිකා නෞකාව කොළඹ වරායට පැමිණියේ පළමුවරටය. නෞකාව මහල් 14කින් සමන්විතය. මෙහි මගීන් 1680 කට පහසුකම් ලබාදිය හැකි අතර කාර්ය මණ්ඩලය 560 ක්ද වේ.

මෙම නෞකාව කොළඹ වරායට පැමිණීම වෙනුවෙන් ඉතාලි සම්ප්‍රදායට සකස් කෙරුණු ආහාර ප්‍රදර්ශනයක් සහ නෞකාව පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති පාලෝ ඇන්ද්‍රියා , නෞකාවේ කපිතාන් ස්ටෙෆාවෝ බොක්කලේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මීළඟට ඉතාලි කොස්ටා නියෝ ක්ලැසිකා නෞකාව ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *