ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනයට පියවර

(කොළඹ, ලංකාපුවත්) –ඌව පළාතේ නව තාක්‍ෂණය සමඟ දේශීය වෛද්‍ය ක්‍රම සීග්‍රයෙන් සංවර්ධනය කිරීම සඳහා ගනු ලබන ක්‍රියා මාර්ග අගය කරන බව ඌව පළාත් ආණ්ඩුකාරවර ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ ඇම්.පී.ජයසිංහ මහතා පැවසිය.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙහෙයවන අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය විවෘත කරමින් බදුල්ල සයිමන් පිරිස් අනුස්මරණ ශාලාවේදී ඒ මහතා මේ බව කියා සිටියේය.

වැඩි දුරටත් අදහස් දක්වු ඌව පළාත් ආණ්ඩුකාර ඇම්.පී.ජයසිංහ මහතා මෙසේ ද කීය.

1956 ඇරඹුන දේශපාලන විප්ලවයන් තුලින් එස්.ඩබ්.ආර්.ඩි.බණ්ඩාරනායක මහතා සඟ වෙද ගුරු ගොවි කම්කරු යන පංච බලවේගයන් සමඟින් නව පෙරලියක් කිරීමෙන් පසු දිවයිනේ ආයුර්වේදය ප්‍රචලිත වීමට ඇරඹුන බව පැවසිය. මේ අනුව අද වනවිට නව තාක්ෂනය සමඟින් ආයුර්වේදය සැහෙන ප්‍රගතියක් ලබා තිබෙනවා ඌව පළාතේ ආයුර්වේද කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය පළාතේ දේශීය වෙදක්‍රම සංවර්ධනය සදහා ගන්නා උත්සාහයයන් අගය කලයුතුයි.
ඌව පළාතේ ප්‍රධාන සෞඛ්‍යය ගැටළුවක් වන මහියංගනය මොණරාගල ප්‍රදේශ වල පවතින වකුගඩු රෝග සඳහා ආයුර්වේදය මඟින් රෝග නිවාරණ වැඩ සටහන් ක්‍රියාත්මක කර තිබීම අගය කළ යුතුයි. එමඟින් රෝග ව්‍යාප්ත වීම වැළක්වීමට වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර කිරීමටද ආයුර්වේද රෝහල්වල පහසුකම් මැනවින් සලස්වා තිබීමද අගය කලයුතුයි.

මෙහිදී අදහස් ප්‍රකාශ කළ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඌව පළාතේ දේශීය ඔසු බහුලව වැවෙන බවත් ඒවා සංරක්ෂණය කර දේශීය වෛද්‍ය කටයුතු සඳහා පරිහරණයට යොදාගැනීමට හැකිවීම වැදගත් බවද පැවසිය. පළාත තුළ නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමට දේශීය වෙද කමින් සැලසෙන සේවය අමතක කළ නොහැකි බවද ඒ සඳහා ආයුර්වේද කොමසාරිස් ඇතුළු කාර්ය මණ්ඩලය ඉටුකරන සේවය අගය කලයුතු බවද පැවසිය

ප්‍රදර්ශනය දින දෙක පුරා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *