සා.පෙළ සිසුන්ට එක්දින සේවාවකින් හැඳුනුම්පත්

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුස්නට ජාතික හැඳුනුම්පත් ලබාදීමේ විශේෂ එක්දින සේවාවක් ලබන සෙනසුරාදා(25) ක්‍රියාත්මක කෙරේ.

එදින පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ සඳහා විවෘතව පවති. විභාගයට පෙනී සිටින ඉල්ලුම්කරුවන් සඳහා පමණක් විශේෂ සේවාව ක්‍රියාත්මකය.

ඉල්ලුම්පත් යොමු කර ඇති පාසල් අයදුම්කරුවන්ට මේ වන විටත් හැදුනුම්පත් තැපැල් කරමින් පවතින බව පුද්ගලයින් ලියාපංදිචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එක්දින සේවා ගාස්තුව රුපියල් දහසකි.

හැදුනුම්පත් ලබාගැනීම සදහා පාසල් අයැදුම්කරුවන් පැමිණීම අනිවාර්ය නොවේ. ඔවුන්ගේ භාරකරුවන්ට සිය ඥාතීත්වය තහවුරු කරමින් ග්‍රාම නිලධාරී විසින් සහතික කරනු ලැබූ බලය පැවරීමේ ලිපියක් රැගෙන ඒම ප්‍රමාණවත් බව, දෙපාර්තමේන්තුව නිවේදනය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *