වියානා ඇළේ අතුරුදන් වූ දරුවාගේ සිරුර සොයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – මහියංගනය, මාපාකඩවැව මහවැලි වියානා ඇළට මෝටර් රථයක් පෙරළීමෙන් අතුරුදන් වූ අනෙක් සිසුවාගේ සිරුර ද අද(24) සොයා ගෙන ඇත.

ඒ අනතුර සිදුවූ ස්ථානයට කිලෝ මීටර තුනහමාරක් පමණ පහළ ප්‍රදේශයකදීය. අනතුර සිදු වුයේ ඊයේ (23)සවස් කාලයේ දීය. එකම පවුලේ සිව් දෙනෙකු අනතුර සිදුවන මොහොතේ දී මෝටර් රථයේ ගමන් කර තිබේ.

බදුල්ලේ සිට මහියංගනය හරහා නුවර දෙසට ධාවනය වූ කාර් රථයක් මෙලෙස අනතුරට ලක්වූ බව පොලිසිය පැවසීය.

ඒ මව පියා සහ නිවුන් දරුවන් දෙදෙනා ය. මව(41) පියා(43) එම ස්ථානයේ දීම මිය ගොස් තිබුණි. එක් දරුවෙකු දිවි බේරාගත් අතර අනෙක් දරුවා(17) අතුරුදන්ව සිටියේය.

පොලීසිය සහ ගම්වාසීන් සිදුකළ මෙහෙයුමෙන් පසුව ඔහුගේ සිරුර සොයා ගෙන ඇත. මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි මේ පිරිස ව්‍යාපාරික කටයුත්තක් සඳහා මහියංගනයට ගොස් ආපසු යමින් සිටියදී අනතුරට ලක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *