කොරියා රජයේ ආධාරවලින් බහුකාර්ය ධීවර වරාය හතරක්

(කොළඹ, ලංකාපුවත්) – ධීවර ‍ක්‍ෂේත්‍රය සංවර්ධනයට බහුකාර්ය ධීවර වරායන් හතරක් ඉදිකිරීමට සැළසුම් කර තිබේ.

කොරියානු රජයේ ආධාර යටතේ එය ඉදිකෙරෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

“කොරියා රජයේ ධීවර අමාත්‍යංශයත්, අපේ ධීවර අමාත්‍යංශයත් සමඟ ප්‍රථම වතාවට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා… ලංකාවේ බහු කාර්ය ධීවර වරාය 4ක් ඉඳි කරන්න.. ශක්‍යතා වාර්තාව සකස් කරන්න… කොරියානු රජයේ ධීවර අමාත්‍යංශය මුදල් වෙන් කරලා.. අපිට නොමිලේ ලබා දෙන්න.. ගිවිසුමක් අත්සන් කරලා.. දැන් ඒ කටයුතු ක්‍රියාත්මක වෙමින් පවතිනවා… තංගල්ල වරායත් බහු කාර්ය වරායක් හැටියට අපි සංවර්ධනය කරන්න කොරියානු රජය කම්පැනියකින් ඒ ශක්‍යතා වාර්තාව සකස් කරලා දෙන්න එකඟතාවය පළවෙලා.. දැන් ඒ කටයුතු සාර්ථකව ආරම්භ කරලා තියෙනවා…” යනුවෙන් ද ඔහු එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *