සියලු ක්‍රීඩාංගන නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – රටපුරා පවතින සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ සම්බන්ධ කර නඩත්තු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ පිළිතුරු කතාව කරමින් ඊයේ(23) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

“ක්‍රිකට් පරිපාලනය ගන්නකොට හයවැනි තැන තිබුණේ 2015 දී. එතැන තවම ඉන්නවා.ටෙස්ට් වල අපි හොඳ තැනක ඉන්නවා. අද අලුත් කණ්ඩායමක් ඇවිත් තියෙනවා. අලුත් ක්‍රීඩකයෝ තමන්ගේ ස්ථාවරය හදාගනියි.ප්‍රතිව්‍යුහගත වැඩපිළිවෙලක් හදලා තිබෙනවා. ශරීර යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ක්‍රියාදාමය තුළ එක ස්ථාවරයකට එනවා.

ක්‍රිකට් ක්‍රීඩකයින් තෝරාගන්න ක්‍රමවේදයක් හදන්න කිව්වා. ඒ අනුව කටයුතු කරන්නේ. හතුරුසිංහ මහතා පුහුණු කරුවෙකු ලෙස ගන්න යනවා. හතුරුසිංහ එළවපු වෙලාවේ කවුරුත් කථා කළේ නෑ. අපිට පොඩි කාලයක් යයි.දැන් අපි නිලවරණයක් තියලා, කටයුතු කරනවා. හතර පස්දෙනෙක් දාලා ක්‍රිකට් දුවන්න බෑ.
ලංකාවේ පවතින සියලු ක්‍රීඩා සංගමයක්ම තම විගණන වාර්තා ඉදිරිපත් කළ යුතුයි කිව්වා.විගනන වාර්තා නතිව නිලවරණය තිබ්බා. මම විසුරුවා හරියා. බැට්මින්ටන් සංගමයට පනවා ඇති තහනම ඉවත් කරගැනීමට බලාපොරොත්තු වෙනවා.පාසල් 316ක දරුවන් අවුරුදු දෙකක් විවිධ ක්‍රීඩාවලට පුහුණු කරනවා. එම ක්‍රියාදාමය යනවා. සියලු ක්‍රීඩාංගන සුගතදාස ක්‍රීඩාසංකීර්ණය සමඟ එකතුවෙලා කමිටුවක් දාලා නඩත්තු කිරීමේ වැඩපිළිවෙල සිදු කරනවා. සුගතදස ක්‍රීඩාංගනය නවීකරණය කරනවා.” යනුවෙන් ද අමාත්‍යවරයා පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *