ආසියානු කාවර්ධන ශුර ලූෂන් ඇන්තනි අමෙරිකා යයි

(කොළඹ, ලංකාපුවත්) –ආසියානු කායවර්ධන ශුරතාව දිනාගත් ශ්‍රි ලංකාවේ කායවර්ධන ශුර ලූෂන් ඇන්තනි පුෂ්පරාජ් අමෙරිකාවේ ඇට්ලස් ටෙක්සස් ජාත්‍යන්තර කායවර්ධන තාරගාවලියට තෝරාගෙන තිබේ.

ඒ අනුව ලූෂන් ඇන්තනි පසුගිය සෙනසුරාදා(25) පස්වරුවේ එම තරගාවලියට සහභාගිවිම සඳහා දිවයිනෙන් පිටත්ව ගියේය.

තරගාවලිය පැවැත්වෙන්නේ ලබස මස 09 වැනිදා අමෙරිකාවේ ටෙක්සාස්හිදිය.

ලෝක පුජිත කායවර්ධන ශුරයින් සහභාගිවන අමෙරිකාවේ ඇට්ලස් ටෙක්සස් ජාත්‍යන්තර කායවර්ධන තාරගාවලිය ලොව ප්‍රමුඛ පෙලේ තරගාවලියක් වේ.

මේ පිළිබඳ අදහස් දක්වු ලූෂන් අන්තනී – “ අපේ මේ මසල්ස්වල තියෙන්නේ අපේ ආත්ම ශක්තියයි. ශ්‍රි ලංකාවේ සමහරක් සිතනව මෙය වෙනස් විදියක ක්‍රීඩාවක් කියලා. මම කියන්න කැමතියි අපට කුමණ අන්දමකින් හෝ රටට කීර්තියක් ගෙනත් දෙන්න පුළුන් නම් ඒක තමයි සාර්ථකත්වය කියලා. මම ගොඩක් කැපවිම් කලා මෙම තත්වයට එන්නට. මම කැමතියි ලංකාවේ ඉඳලා මේ ක්‍රිඩාව දියුණු කරන්න. ඊට සහය වන්නට ආයතනද අපට සොයා ගන්නට පිළිවන්“ යැයි ද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *