වංචනිකව ගැසට් පත්‍රය හදලා නෑ – ඇමති ෆයිසර් මුස්තාපා පිළිතුරු දෙයි

(කොළඹ, ලංකාපුවත්) –තමන් මෝල්ටා රටට ගියේ නිසි අවසරයක් ඇතිව බවත් මැතිවරණාය පිළිබඳ නිකුත් කළ ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නැති බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී වැයශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසී ය.

ප්‍රශ්නයක් අහලා තිබුණා, පිටරට ගියේ ඇයි කියලා. මොල්ටාවේ පළාත් පාලන සමුළුව තිබුණා. ශ්‍රී ලංකාවට අයදුම්පත ලබාදෙන්න තිබුණා. ජනාධිපතිතුමාගේ අවසරය ඇතිවයි මෝල්ටාවට ගියේ. රටින් පන්නේ නෑ. රටේ නායකයාගේ අවසරය ලබාගත්තා. මම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ද සඳහන් කළා.
මම නීතිඥවරයෙක්. මට විරුධව නඩු පවරා තිබෙනවා.මාම් මගේ තනතුර හෑල්ලු කරන්නේ නෑ. මගේ ජනාධිපති නීතිඥ කියන තනතුර වටිනවා.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කළා. රටට් හා දේශපාලන පක්ෂයට සාධාරණයක් ඉටු කරනවා. ඡන්දය පිළිබඳ ගැසට් පත්‍රය සකස් කිරීමේ දී සියලු පක්ෂ දැනුවත් කළා. ගැසට් පත්‍රයේ අඩුපාඩුවක් නෑ.වගකීමකින් කියනවා,දැනට නිකුත් වෙලා තියෙන්නේ අතුරු නියෝගයක් පමණයි. සත්භාවයෙන් ක්‍රියා කළේ.ජනතා අධිකරණයට යන්න ලැස්තියි. වංචනිකව ගැසට් පත්‍රයක් හදලා නෑ . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නඩුවට කිසිදු සම්බන්ධයක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *