(කොළඹ, ලංකාපුවත්) –විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාවේ ඩෙමී ලී පීටර්ස් සමත්විය
අවසන් තරගය ඊයේ(26) රාත්‍රී පැවැත්වුණේ, අමෙරිකාවේ ලාස් වේගාස්හිදී ව. 66 වැනි විශ්ව රූ රැජින තරගයට තරගකාරියන් අනූ දෙදෙනෙකු ඉදිරිපත්ව සිටියාය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගී වූ ක්‍රිස්ටිනා පීරිස් අවසන් දහසයදෙනා අතරට ඇතුළත් වීම ද විශේෂත්වයකි. විශ්ව රූ රැජින තරගයේ දෙවැනි ස්ථානය කොලොම්බියාවටත්, තුන්වැනි ස්ථානය ජැමෙයිකාවටත් හිමිවිය.
රූ රැජින කිරුළ දිනූ 22 හැවිරිදි නෙල් පීටර්ස්, කාන්තාවන් සඳහා ආත්මාරක්ෂක සටන් පුහුණු කරවන්නියකි. 1978න් පසු දකුණු අප්‍රිකාවට විශ්ව රූ රැජින කිරුළ හිමි වූ පළමු අවස්ථාව මෙය වේ.