ඇමති සාගල බෙර ගැසූ හැටි

(කොළඹ, ලංකාපුවත්) – ‘ද බෙර ෆේස්ට්’ තාල වාද්‍ය සැණකෙළියේ සමාරම්භක උත්සවය නීතිය හා සමාය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පසුගිය ඉරිදා(26) උදෑසන පැවැත්විණි.

නද්රෝ වාද්‍ය කණ්ඩායමට දස වසරක් පිරීම නිමිත්තෙන් මෙය සංවිධාන කර තිබුණි.

මෙම බෙර සැණකෙළියේ දී අමාත්‍ය සාගල රත්නායක මහතාද බෙර කවයකට සහභාගී වී බෙර වාදනය කරනු ලැබීය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වේතන්ත්‍රි මහතාත් නාද්රෝ සංගීත කණ්ඩායමේ නායක රඛිත වික්‍රමරත්න යන අයද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *