තැපැල් ඡන්දයට අයදුම්පත් කැදවීම 15වනදායින් අවසන්

(කොළඹ, ලංකාපුවත්) – පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ අවසන් දිනය දෙසැම්බර් මස 15වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්වන බව මැතිවරණ කොමිසම් සභාව සදහන් කරයි.

මැතිවරණ කොමිසම විසින් සිය තේරීම්භාර නිලධාරීන් මගින් මේවන විට පළාත් පාලන ආයතන 93ක් සදහා නාම යෝජනා කැදවීමට කටයුතු යොදා තිබේ.

තැපැල් ඡන්ද සදහා අයදුම්පත් කැදවා ඇත්තේ මෙම පළාත් පාලන ආයතන 93 සදහා පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *