මාතර – කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට

(කොළඹ, ලංකාපුවත්) –මාතර – කතරගම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට ළගා වී තිබේ.

එහි පළමු අදියරට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 248කි. ඒ සදහා ප්‍රතිපාදන සපයන්නේ චීනයේ එක්සින් බැංකුව විසින් වන අතර මාර්ගයේ මුළු දුර කිලෝ මීටර 27කි.

දුම්රිය ස්ථාන 4ක් සහ උප පොළවල් 2ක් ඊට අයත් ය. මාර්ගයේ පාලම් 12ක් ද ඉදිකර ඇත. උමංමාර්ග දෙකක් ද ඇති අතර දැනට ශ්‍රී ලංකාවේ ඇති දිගම උමං මාර්ගය ද මෙහි ඉදිකර තිබීම විශේෂත්වයකි.

මීට පෙර ශ්‍රී ලංකාවේ දිගම උමං මාර්ගය ලෙස සැලකුනේ හැටන් සිංගිමලේ දුම්රිය උමගයි. දුම්රිය මාර්ගය ඉදිකිරීමට දේශීය ශ්‍රම දායකත්වය යොදාගත් අතර, මේ වන විට දික්වැල්ල, රත්මලේ, නිල්වලා ගඟ හරහා ඉදිකෙරෙන පාලමේ වැඩ ද මේ වන විට අවසන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *