ගැබ්ගෙන ඇතැයි පාසලෙන් ඉවත් කළ දැරිය පිළිබඳ පරික්ෂණ වාර්තාව නීතිපතිට

(කොළඹ, ලංකාපුවත්) –පාසල් දැරියක ගැබ් ගෙන ඇතැයි පවසමින් ඇය පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධියට අදාළව ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය සිදුකළ විමර්ශනයේ වාර්තාව නීතිපති උපදෙස් පතා නීතිපති දෙපාර්තමෙන්තුවට යොමු කර ඇතැයි එම අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය පැවසුවාය.

කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දැරිය අසත්‍ය චෝදනාවක් මත පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කරන ලදි.

එහි වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කර ඇත්තේ අදාළ විදුහල්පතිවරිය ඇතුළු පාර්ශ්වයන්ගෙන් වරදක් සිදුව ඇත්ද යන්න සම්බන්ධව හා ඉදිරි නීතිමය කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහායි. එම උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මෙම විමර්ශනය සිදුකළේය. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරීන් තහවුරු කළේ අදාළ දැරිය ගැබ් ගෙන නොමැති බවය. එමෙන්ම කිසිදු ලිංගික අපයෝජනයක් ඇයට සිදුව නැති බව ද තහවුරු කෙරුණි.

මෙම සිදුවීමට අදාළව විමර්ශන නිලධාරීන් විසින් අදාළ දියණිය, ඇගේ මවුපියන් ඇතුළු සියළු පාර්ශවයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *