2017 ඡන්ද හිමි නාමලේඛන දැන් පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනයට

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 93හි ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.

ස්වකීය නම නිසි පරිදි අදාළ පළාත් පාලන ආයතනයේ නාමලේඛනයේ ඇතුළත්ව නැති බව යම් ඡන්දහිමියකුට පෙනී යන්නේ නම් හෝ නුදුසුදු අයකුගේ නම් ඇතුළත්ව ඇති බව පෙනී යන්නේ නම් හෝ ඒ බව 2017 දෙසැම්බර් 05 දින හෝ එදිනට පෙර ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ තේරීම්භාර නිළධාරි වෙත ලියවිල්ලකින් දැනුම් දිය හැකි බව ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා දන්වා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *