ආපදා ගැන දැනුම් දෙන්න හදිසි ඇමතුම් අංකයක් – 1902

(කොළඹ, ලංකාපුවත්) – පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විපතට පත්වන පුද්ගලයන්ට අවශ්‍ය සහන සැළසීමටත් හානියට පත්වන දේපල සදහා වන්දි ලබාදීමටත් කඩිනමින් පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍ය ව‍ජිර අබේවර්ධන මහතා පවසයි.

යම් හානියක් සිදුවුවහොත් ඒ බව ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙය් ආපදා හදිසි ඇමතුම් අංකයවන 1902 අංකයට කඩිනමින් දැනුම් දෙන ලෙසද අමාත්‍යවරයා දැනුම් දෙයි.

දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක රැසක ජනතාව පීඩාවට පත්ව සිටී. එබැවින් ඔවුන්ට කඩිනමින් සහන සේවා සැපයීමටත් අවශ්‍යතාවක් ඇත්නම් ආරක්‍ෂිත ස්ථානවල රදවන ලෙසත් දිසාපතිවරුන්ට උපදෙස් දී ඇතැයි ද වජිර අබේවර්ධන අමාත්‍යවරයා සදහන් කළේය.

අද(30) උදෑසන ලැබුණු වාර්තා අනුව පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත. පුද්ගල ජීවිත ආරක්‍ෂා කර ගැනීම ඉතා වැදගත් බැවින් තම දරුවන් ද නිවෙස්තුළම රදවා ගනිමින් ආරක්‍ෂිතව සිටින ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි.

හැනියට පත් වූ නිවාස හා අනෙකුත් දේපළ සම්බන්ධයෙන් තම පදිංචි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරී වෙත තොරතුරු ලබා දෙන ලෙසත්, එම තොරතුරු අනුව ඉදිරියේ දී කඩිනමින් වන්දි ලබාදීමට කටයුතු කරන ‍ලෙස ත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *