යුරෝපයේ ඒඩ්ස් රෝගීන් වාර්තා ගත ලෙස ඉහළට

(කොළඹ, ලංකාපුවත්) –යුරෝපයේ ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පසුගිය වසරේදී ඒඩ්ස් වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව එක් ලක්‍ෂ හැට දහස ඉක්මවූ බව සඳහන්ය.

යුරෝපයේ රටවල් 53 කින් ඒඩ්ස් රෝගීන් පිළිබඳ සමීක්‍ෂණ සිදුකර තිබේ. ඔවුන්ගෙන් 80%ක් ජීවත් වන්නේ නැගෙනහිර යුරෝපයේය.

වසරක් තුළ වැඩිම ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාවක් සොයාගත් පළමු අවස්ථාව මෙය වේ.

2030 වසරේදී ඒඩ්ස් රෝගය මුළුමණින්ම තුරන් කළ යුතු බව තම ඉලක්කය වුවත් උද්ගත වී ඇති තත්ත්වය අනුව එම ඉලක්ක සපුරා ගත නොහැකි වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *